සතිය පුරාම උදේ හවස මහන්සි වෙලා නිවාඩුවේ ගත කරන්න තියෙන වෙලාව උදා වෙන්නේ සති අන්තයේ. ඒත් ඔයාගෙ සති අන්තය නිවාඩුවේ ගතවෙනවද? නෑ නේද. ගොඩක් වෙලාවට ඒ දවස්වල තමයි වැඩිපුරම වැඩ වැටෙන්නේ.. රෙදි කන්දක් හෝදන්න, කඩේට යන්න, නාදෑගෙවල්වල යන්න, එකී මෙකී නොකී වැඩ ගොඩක් සති අන්තෙට වැටෙනවා. සති අන්තය කියන්නේ ඔයාගෙ ඊළඟ සතිය වෙනුවෙන් සූදානම් වෙන්න රිලැක්ස් වෙන්න තියෙන හොඳම දවස් දෙක. විවේක ගන්න තියෙන දවස් දෙක. ඒත් ඔයාගෙ සමහර වැරදි නිසාම ඒ වටිනා දවස් අපතේ යනවා. එහෙම නොවෙන්න අපිට කරන්න පුලුවන් දේවල් ටිකක් දැනගන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.
මුලින්ම අත්‍යවශ්‍ය නොවන කිසිම ගමනක් දාගන්න එපා. ඔබ නිවසට බඩු ගන්න යන්නේ සතියකට වරක් නම් එය, සතියේ දිනයක සවසක කරගන්න. නිතරම යහලුවන් හමුවීම ඔබේ කාලය, මුදල් වගේම නිදහසත් නැති වී යාමක්. යහලු සමාගමයන් මාස දෙක තුනකට වරක් පමණක් සැලසුම් කරගන්න. රෙදි සේදීම සම්බන්ධයෙන් නම් හොඳම තීරණය වැඩට යාමට කලින් කුඩා රෙදි ප්‍රමාණයක් දිනපතා සේදීමෙන් සති අන්තයට රෙදි කන්දක් ඉතිරි නොවනු ඇති. ඒ වගේම හැම සති අන්තයකම තමන්ගේ පවුලත් සමඟ කාලය නිදහසේ ගෙවා දාන්නට සැලසුම් කිරීමෙන් ඔබට ඵලදායි සති අන්තයක් ගෙවන්නට පුලුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා සතියම දුරකතන කෝල් වල, පරිගනකය සමඟ වැඩකරනවා නම් නිවාඩු දින කීපයේ ඒවයින් ඈත් වී සිටීම ඔබේ මනසටත්, ශරීරයටත් සැහැල්ලුවක් වේවි. වැදගත්ම දේ නිවාඩු දවසට අවසන් කිරීමට වැඩ ගොඩගසා නොගැනීමයි. ඔබේ වටිනා විවේකය වඩාත් අර්ථවත් කරගන්නට මේ කරුණු වටිනා විසඳුමක් වේවි.