මේ හොඳම යාලුවෝ දෙන්නෙක් කාලෙකට පස්සේ හම්බ වුණ අවස්ථාවක්. කියවලා බලන්නකෝ මොනවද එයාල කතාවෙන්නෙ කියලා.
– නිලූ.. කොෆී එක ඕඩර් කරමු නේද?
– හරි මට නෙස්කැෆේ එකක් දාපන්.
– සෑහෙන කාලෙකට පස්සේ නේද අපි මීට් වුණේ..
– ඒකනේ.. ඉතින් මොකද වෙන්නේ දැන්..
– මොනව වෙන්නද ඔහේ ගෙවෙනවා බන් ජීවිතේ.
– හ්ම්ම්ම්..මමත් එහෙම තමයි.
ටික වේලාවක් දෙදෙනාම ඈත පාර දෙස බලා හිඳිති.
– ඒක නෙවෙයි…අර ඈත පේන ලයිට් කනුවෙ වහල ඉන්න කපුටො දෙන්න දැක්කම උඹට මොකද හිතෙන්නේ..
– ම්ම්ම්.. නිකන්ම කපුටො දෙන්නෙක් ඉතින්. මොනව හරි ගොදුරක් කන්න බලන් ඇති.
– නෑ බන්.. මට නම් උන් දෙන්නව දැක්කම මතක් වෙන්නෙ කවියක් ලියන්න හොඳ ප්ලොට් එකක් කියලා..
– ඈහ්.. ඒ කොහොමද එහෙම වෙන්නේ..
– දැන් බලන්න උන් දෙන්නා ඉන්නෙ කරන්ට් වයර් එකක. බැක්ග්‍රවුන්ඩ් එකේ ලස්සන බලන්න. එයාල එයාගෙ ලෝකෙ තනිවෙලා ඉන්නවා ඇති. සමහර ටිට මොනව හරි ගැන කතාවක්. එක්කෝ මොනවා හරි ප්ලෑන් කරනවා ඇති. ඔය වගේ ඒව හිතලා දාලා ලස්සන දෙබස් එක්ක පොඩි කතාවක් එහෙම නැත්නම් ලස්සන කවියක් නිර්මාණය කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි… ලස්සන ඇහැක් තියෙන කෙනෙක්ට ඒක ලස්සන ෆොටෝ එකක් ගහන්න පුලුවන්.
– සිරාවටම ඔයා කියනම්ම මට ඒක හිතුණෙ නෑනේ..අහ් ඔන්න කොෆී එක ආවා..
හොඳින් බලන්න, එකම දර්ශනය එක එක පුද්ගලයා දකින විදිය හරි වෙනස් නේද? ඒ වගේ තමයි මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම. හැමෝම එකම දේ එකම විදියට දකින්නෙ නැහැ. ඒක එක එක පුද්ගලයාගෙ අත්දැකීම්, දැනුම වගේම එයාගෙ මනස හැඩ ගැහිලා තියෙන විදියට තමයි දකින්නේ. උදාහරණයක් විදියට කලාකාමී මනසක් තියෙන කෙනෙක් හැමදේම දකින්නේ කවියක්, කතාවක් එහෙම නැත්නම් ඒ දේ තියෙන කලාත්මක රසය. ගණිතමය ආකාරයට මනස හුරු වුණ කෙනෙක් දෙයක් දකින්නේ ගණිතමය සූත්‍ර, සංකල්ප වගේ තමයි. මේ කතාවේ කරන්ට් වයර් එකක වහල ඉන්න කපුටෝ දෙන්න ගණිතමය අකාරයට හුරු වුණ කෙනෙක් දකින්නේ, උන් දෙන්නා ඉන්නේ පොළොවේ ඉදන් කොච්චර දුරක ඉඳන් ද, කොපමණ ආනතියකින්ද, උන් දෙන්නා ඉගිල්ලිලා ගියොත් කරන්ට් වයර් එක කී වාරයක් දෝලනය විය හැකිද? වගේ දේවල්. මේ දේවල් වලින්ම පේනවානේ මිනිස්සු කියන්නේ බොහොම පරස්පර අදහස් තියෙන අය කියලා.
ඉතින්, ඔයා කරන කියන දේවල් ගැනත් මිනිස්සු දකින්නේ බලන්නේ මෙන්න මේ විදියටයි. ඔයා කියන දේ ගැන කරන දේ ගැන හාත්පසින්ම වෙනස් විදියට තේරුම් ගන්න මිනිස්සු ඉන්න පුලුවන්. එතකොට තමයි මත ගැටුම් නිර්මාණය වෙන්නේ. හිත් නොහොඳකම් ඇති වෙන්නේ. මෙන්න මේ දේවල් තේරුම් අරගත්තොත් ඔයාට මේ සමාජේ ගැන කලකිරෙන්නේ නැතිව ජීවත් වෙන්න පුලුවන් කියලා සහසුද්දෙන්ම කියන්න පුලුවන්. මේ දේවල් හිතට ගන්න. අවබෝධ කරගන්න. ප්‍රබෝධයෙන් ජිවත් වෙන්න. හැමදාම රසකාමී දවසක් ගෙවන්න.
ඔබට ජය!