21 වන සියවසේ ඩිජිටල් යුගයක ජීවත්වන අපිට දැන් ගනුදෙණු කරන්න වෙලා තියෙන්නේ දියුණු තාක්ෂණයත් එක්කයි. වේගයෙන් නවීකරණය වෙමින් තිබෙන මේ ලෝකේ ඩිජිටල් තාක්ෂණය නිසා මුහුණ දෙන්න වෙන අකරතැබ්බත් බොහෝමයි. මුලු ලෝකයේම සමාජ මාධ්‍ය බිඳ වැටීම්, වෙබ් අඩවි බිඳ වැටීම්, සයිබර් ප්‍රහාරයන් වැනි සියලු දේ මේ ඩිජිටල් තාක්ෂණය එක්ක අපිට අත්දකින්න වෙන දේවල්. Whats App කියන සමාජ මාධ්‍යයත් ලෝකෙ ගොඩක් රටවල තොරතුරු හුවමාරු කරගන්න, එකිනෙකා අතර සන්නිවේදනය කරගන්න යොදාගන්න ප්‍රචලිත මෙවලමක්. ඔන්න දැන් Whats App එකත් හැක් වෙන අවධානමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ලිපියෙන් අපි Whats App එකට මොකද වෙලා තියෙන්නේ, අපි ඒකට මොකද කරන්නේ කියලා විස්තර දැනගනිමු.
මේ හැක් වෙන අවධානම වැඩිපුරම එන්නේ අපි නොදන්න අංකවලින් එක සබැඳි ( Links) වලට පිවිසෙන්නට යාම නිසයි. මේ හරහා හැකර්වරුන්ට අපේ Whats App එකෙහි සිටින අනෙක් අයගේ දුරකතන අංක ලබාගන්නට පුලුවන්. ඒවා උපයෝගී කරගෙන අපගේ සමීපතමයන්ගේ පෞද්ගලික තොරතුරු, බැංකු තොරතුරු විතරක් නෙවෙයි, මුදල් පවා ඔබේ නමින් ලබා ගන්නට ඔවුන්ට හැකියාව තියෙනවා. මේ වගේ දෙයක් වෙන්න කලින් අපි නොදන්න Whats App සමූහවලට සම්බන්ධ නොවී ඉන්න එක, හොඳින්ම දන්නා හඳුනන අයෙක් වුවන් අපට එවන සබැඳි (Links)වලින් වෙබ් අඩවිවලට පිවිසෙන්න කලින් දෙපාරක් හිතලා හොයලා බලලා ක්‍රියාත්මක වෙන එක, ඔබේ බැංකු ගිණුම් අංක, OTP හෙවත් දුරකනතනයට එන රහස් කේත වෙන කෙනෙකුට නොදී ඉන්න එක, ඔබේ ඕනෑම පාස්වර්ඩ් එකක් වෙන කෙනෙකුට නොදී ඉන්න ප්‍රවේසම් වෙන එක වගේ දේවල් කළොත් මේ Whats App හැක්වෙන අවධානමෙන් මිදෙන්න ඔයාට පුලුවන්. මේ විතරක් නෙවෙයි දැන් කාලෙක ඉඳලා කරගෙන යන මුදල් පරිත්‍යාග , දිනුම් ඇදීම් ගැන එන මැසේජ් බොහෝ විට කිසිදු සත්‍ය බවක් නැති ඒවායි. ඔබ ඒවාට ප්‍රතිචාර දක්වන්නට පෙර ඉතාමත් හොඳින් සොයා බැලිය යුතු වෙනවා. Whats App ගිණුමටත් රතු එළියක් එන්නට පෙර මේ දේවල් ගැන වඩාත් හොඳින් සැලකිලිමත් වෙන එක ගොඩක් වැදගත්. මේ ගැන ඔබව දැනුවත් කිරීමත් බ්‍රැන්ඩික්ස් අපේ වගකීමක් විදියට අපි සලකනවා. ඒ වගේම මේ කරුණු ගැන වඩාත් හොඳින් සිතා බලා ක්‍රියාත්මක වීම ඔබ සතු වගකීමක් වෙනවා.