මොකක්ද මේ AI ?

දැන් උපදින කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටියා වෙනකල්ම තාක්ෂණය එක්ක බැඳියාවක් තිබෙන මේ කාලේ අලුතින්ම ආව තාක්ෂණික පෙරලිය තමයි AI කියන්නේ. Artificial Intelligence කියල හඳුන්වන මේ දියුණු තාක්ෂණය මිනිස් මොළය හා සමාන හෝ ඊටත් වඩා සුවිශේෂී හැකියාවක් තියෙන තාක්ෂණයක්. ඔබේ අදහස් බෙදාහදා ගන්න, අලුත්ම අදහස් ලබා ගන්න මේ AI වලින් පුලුවන්. ඒ වගේම ඉක්මනින්ම තමන්ට අවශ්‍ය ආකාරයේ ඡායාරූප වීඩියෝ නිර්මාණය කරගන්න මේ AI වලින් පුලුවන්. දියුණු රටවල නම් මිනිස්සුන්ට තමන්ගේ කාර්යයන් නිවැරදිව ඉටු කරගන්න, තීරණ ගන්න මේ තාක්ෂණය උපයෝගී කරගන්නවා. විශ්වවිද්‍යාල ළමයින්ට, විවිධ පර්යේෂණ කරන අයට මෙයින් ලැබෙන උපකාරය බොහෝමයි. පාසල් ළමුන්ට පවා බොහෝමයක් තොරතුරු දැන ඉගෙන ගන්නට මේ AI තාක්ෂණය ඉවහල් වෙනවා. කර්මාන්තශාලාවලට ව්‍යාපාරවලට මේ තාක්ෂණය යොදාගැනීමෙන් කාලය වගේම ශ්‍රමයත් ඉතුරුවෙනවා. අද ලෝකයේ දියුණු රටවල් මේ විශිෂ්ඨ තාක්ෂණය උපයෝගී කරගෙන දිනෙන් දින දියුණුවට යන ආකාරය අපට දකින්න පුලුවන්.

හැබැයි මේ AI තාක්ෂණය නිසා ලැබෙන වාසි විතරක් නෙවෙයි, අවාසිත් තියෙනවා. කෙනෙක්ගේ ඡායාරූපයක් විකෘති කර නිර්මාණය කරන්නට හැකි නිසා පෞද්ගලිකත්වය නැතිවීම, අසභ්‍ය ඡායාරූප වීඩියෝ පට නිර්මාණය කළ හැකි නිසා ආත්ම ගෞරවයට හානි කළ හැකි වීම වැනිදේ වගේම මේ තාක්ෂණය නිසා වැයවන ශ්‍රමය අවම වීමත්, මිනිසාගේ තර්කන හා සිතීමේ නිර්මාණශීලී හැකියාවත් අඩුවීම සිදුවන අවාසි අතරට වැටෙනවා. ඉතින් මේ අනුව බලද්දි AI කියන්නේ බොහොම පරිස්සමට භාවිත කරන්න ඕනෙ තාක්ෂණයක් කියලා පැහැදිලියි. ඔබේ අවශ්‍යතාවලට AI තාක්ෂණය භාවිත කරනවිට ඒ ගැන දැනුවත්වීම ඉතාමත් වටින දෙයක්. මේ කරුණු අවබෝධ කරගෙන සිහිබුද්ධියෙන් AI භාවිතකර ජවසම්පන්න අනාගතයකට තාක්ෂණය යොදාගෙන දියුණුවන්නට ඔබටත් හැකියි.

Facebook
Facebook