වසරක අවසානය සනිටුහන් කෙරෙන මේ දෙසැම්බරයේ ලෝකයේ රටවල් සියල්ලකම පාහේ සමරනු ලබන අසිරිමත් දිනය නත්තලයි. ඉස්ලාම්, බෞද්ධ, හින්දු ආදී ආගම් අදහන ජනතාව පවා ඉතාමත් උනන්දුවෙන් සිටින මේ දිනය වර්තමානය වෙනකොට ලොකු කුඩා ගොඩක් දෙනෙක්ගේ නෙත් සිත් පැහැර ගත් ආගමික උත්සවයක්. මේ නත්තල වෙනුවෙන් සෑම රටකම ඊට ආවේණික වූ සැරසිලි, උත්සවයන් පවත්වන බව අපි හැමෝම දන්නවනේ.. ළමා ළපටි සිත්වල සතුට විනෝදය වැජඹෙන, වැඩිහිටියන් තමන්ගේ කාර්යබහුල ජීවිතයෙන් මිදිලා තමන්ගේ පවුල එක්ක එකට ගෙවන මේ අසිරිමත් දිනය සැබවින්ම සාමය සහ එකමුතු බව හොඳින්ම පෙන්වා දෙන දවසක්. සාමය සමඟිය වගේම බෙදා හදාගැනීමත් ඉහළින්ම අගය කරන මේ නත්තල් දිනය කිතුණු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් බව අපි හොඳාකාරවම දන්නවා. ලෝකයේ හැම රටක්ම ජාති ආගම් බේදයකින් තොරව මේ නත්තල් දිනය ගැන උනන්දු වෙන්නේ එහි තියෙන විසිතුරු බවත්, බෙදා හදා ගැනීම, සමගිය, එකමුතුකම වැනි දේවල්වලින් පරිපූර්ණව තිබෙන නිසයි.
ජේසු බිළිඳාගේ උපත ආගමානුකූලවත්, උත්සවාකාරයෙනුත් සමරන කිතුනු බැතිමතුන්, නත්තල් දිනයේ පවුලේ සැම එකට එකතුවී පල්ලියට යෑම, යාඥා කිරීම, එකිනෙකා වෙනුවෙන් තෑගි ලබා දීම වැනි කටයුතු සිදු කරනවා. ඒ වගේම නත්තල් ගසක් කලින් සිටම සාදා විවිධ සැරසිලිවලින් නිවස අලංකාර කරනවා. මේ නත්තල් ගස් සැරසීමේ පටන් එකමුතු බව පිළිබඳ යහපත් ආකල්ප ඇති කරන්නට මේ නත්තල් කාලය සමත්. මේ විතරක් නෙවෙයි, රාත්‍රී පල්ලි යාඥාවලින් පසුව කාබී විනෝද වීම, තෑගි බෙදා හදා ගැනීම, කුඩා ළමුන්ගේ සිත් පුන පුනා බලාසිටි නත්තල් සීයාගේ පැමිණීම සිදුවන්නේත් මේ නත්තල් දා රාත්‍රියේයි. නත්තලෙහි ප්‍රධානම ආකර්ෂණීය දේ වන්නේ නත්තල් ගස, නත්තල් සැරසිලි සහ නත්තල් සීයා යන දේවල්. ලොව පුරා ජනතාවක් නත්තල යන උත්සවය වෙත ඇද බැඳ ගන්නට විවිධ
ව්‍යාපාරික සමාගම් මේ දේවල් ඉතාමත් විචිත්‍ර ආකාරයෙන් යොදා ගන්නා නිසා නත්තලට වෙළෙඳමය වටිනාකමක් එකතු වී තිබෙන බව නම් මඟ හැරිය නොහැකි සත්‍යයක්. ඕනෑම ආගමක ජනතාවක් නත්තල් සැරසිලි, නත්තල් ගස් ගැන උද්දාමයෙන් සමරන්නට පෙළඹිලා තියෙන්නේ ඒ නිසායි. කෙසේ වෙතත් සෑම නත්තලක්ම ලොව සිටින සෑම දෙනාටම විශේෂ දවසක්. ඉතින් ලොවටම සුවිශේෂී වන මේ දවස බ්‍රැන්ඩික්ස් අපිත් ඉතාමත් ඉහළින්ම සමරන්නට කටයුතු යොදල තියෙනවා. සෑම වසරකම වගේ මෙවරත් අපේ රට පුරා විහිදුණු බ්‍රැන්ඩික්ස් ආයතනවල නත්තල් සැරසිලි, අලංකාර නත්තල් ගස්, කැරොල් ගී වැනි නත්තල හා බැඳුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබුවා. උදා වූ මේ අසිරිමත් ජේසු බිළිඳාගේ උපන් දිනය දවසේ බ්‍රැන්ඩික්ස් සාර්ධර්ම පෙරටු කර ගනිමින් සාමය, සතුට බෙදාහදා ගැනීම්වලින් පරිපූර්ණ ප්‍රබෝධමත් නත්තලක් සමරන්නට සියලු කිතුණු බැතිමතුන්ටත් ලෝ වැසි අනෙක් සියලු දෙනාටත් වියමන් අපි සුබ පතන්නෙමු.