බ්‍රැන්ඩික්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතාගේ නව වසරේ පණිවිඩය

හිතවත් සාමාජිකයිනි,

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

අපි 2025 වෙත පියනඟන මේ මොහොතේදී, මෙතෙක් ආ ගමන පිළිබඳව සිහිපත් කරමු. 2024 දී, අපි යම් යම් වෙනස්කම්වලට සාර්ථක ලෙස මුහුණ දුන්නා. කාර්යක්ෂමව උපාය මාර්ග, දක්ෂතා සහ සංස්කෘතියත් සමඟ, එහිදී අපගේ පදනම ශක්තිමත් කළා. ඒ අතර අප පියා වූ, බ්‍රැන්ඩික්ස් ව්‍යාපාරයේ නිර්මාතෘ එම්.එච්. ඕමාර් මහතාගේ වියෝව ද අපට තදින්ම දැනුණා. කෙසේ නමුත්, ඔහුගේ වටිනාකම් තවමත් අපට මඟ මග පෙන්වනවා. මේ වසරේ, මගේ අපේක්ෂාව වන්නේ අප ලැබූ ජයග්‍රහණ මත ගොඩ නැගී, අකාර්යක්ෂමතාවයන් මඟ හැර, උද්‍යෝගමත් ආශාවෙන් සහ නොනවතින උත්සාහයෙන් යුතුව ඉදිරියටම ගමන් කිරීමයි.

සාර්ථකත්වය කරා ගමන් කිරීමට නම්, මුලින්ම අප කරන වැඩවලට කැමැත්තක්, ආශාවක් තිබිය යුතුයි. ඒ උද්‍යෝගිමත් ආශාව අපව ඉදිරියට ගෙන යාමට අරමුණක් ලබා දෙනවා. ඒ වගේම දිගු කාලීන අභියෝගවලට මුහුණ දීමට ශක්තියත් ලබා දෙනවා. සාර්ථකත්වය වේගයෙන් අප කරා එන්නේ නෑ. එය කාලය, ශ්‍රමය උත්සාහය, කැපවීම සහ වැරදීම් ගණනාවක් ඔස්සේ බිහිවෙන, ඉගෙනීමේ ප්‍රතිඵලයක්. මේ ගමන යන විටදී දක්ෂතා තිබීමම ප්‍රමාණවත් නොවේ. අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උද්‍යෝගිමත් ආශාව සහ නොනවතින උත්සාහයද තිබීම අත්‍යාවශ්‍ය වෙනවා.

බ්‍රැන්ඩික්ස් අප, පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තියෙනවා. එම ගමන් මගේ ආරම්භයේ මුල් බැස ගෙන තියෙන්නේ පෞද්ගලික පෙළඹවීමක්. පුද්ගලික ඉලක්කයක් ලෙස ආරම්භ වූ දෙය ඉක්මනින්ම අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමේ උද්යෝගිමත් ආශාවක් බවට පත් වුනා.
අප විසින් නිර්මාණය කරන ලද නව නිෂ්පාදනයක් හෝ ව්‍යාපාරික විසඳුමක් සඳහා පාරිභෝගිකයාගේ ප්‍රතිචාරය දැකීම අප බලාපොරොත්තු වන ප්‍රතිඵලයයි. අපගේ ගනුදෙනුකරුවන් හට හොඳ වටිනාකමක් ලබා දීම අපගේ අරමුණයි. මේ උත්සාහය අපි හැමෝටම තදින්ම බලපෑවා. ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔවුන්ට ප්‍රයෝජනයක් පමණක් නොව; එය කණ්ඩායමක් ලෙස, සමාගමක් ලෙස අපට ඉමහත් වටිනාකමක් ගෙන දෙනවා. අපි එකට ඉගෙන ගත්තා, එකට වැඩුණා, මම හිතුවට වඩා බොහෝ දේ මේ තුළින් අත්පත් කර ගත්තා. අද දක්වාම, මා මෙහෙයවන පරමාර්ථය එයයි: ඒ සපුරා නොමැති අවශ්‍යතා සපුරාලීම සඳහා පිබිදුණු විසඳුම් ලබාදීම තුළින් අපේ රටට, සමාජයට සහ පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබාදෙමින් සාමූහික සාර්ථකත්වය සවිබල ගැන්වීමයි.
බ්‍රැන්ඩික්ස් සමූහය සඳහා මගේ දැක්ම සරලයි: එය නවෝත්පාදනය, සහකම්පනය සහ විශිෂ්ටත්වය තුළින් සෑමවිටදීම පාරිභෝගික අපේක්ෂාවන් ඉක්මවා යන නිෂ්පාදන ලබා දීමකි.

පසුගිය වසරේ, අපි අපගේ ව්‍යාපාරික උපාය මාර්ග සරල කළෙමු. කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අප ආයෝජනය කළ අතර, බ්‍රැන්ඩික්ස් අපේකම හරහා අපගේ ආයතනික සංස්කෘතිය නිර්වචනය කළෙමු. ඉදිරිය දෙස බලන විට, අපගේ අවධානය යොමු විය යුත්තේ වැඩ සහ ක්‍රියාවලි තවදුරටත් සරල කිරීම, නවෝත්පාදනයට නැඹුරු මනසකින් ඩිජිටල් tools භාවිතා කිරීම වගේම, මේ හැමදේටම වඩා වැදගත් වන්නේ, අපගේ මෙහෙයුම්වල හදවත වන අපගේ සාමාජික ඔබ සැම රැකබලා ගැනීමයි.

මා කලින් පවසා ඇති පරිදි, අප සෑම කෙනෙකුම අපගේ ඇගලුම් නිමවන සාමාජිකයන් ෆෝමියුලා වන් ධාවකයන් ලෙස සිතිය යුතු වෙනවා. ඔවුන්ගේ නිරවද්‍යතාවය සහ ශිල්පීය දක්ෂතාවය අපගේ සාර්ථකත්වයට වෙනවා. ෆෝමියුලා වන් ධාවකයෙකු අතිදක්ෂ කණ්ඩායමක් මත රඳා සිටින්නා සේම, අපගේ ඇගලුම් නිමවන සාමාජිකයන් අප කණ්ඩායමේ අන් අය මත රඳා පවතිනවා. යන්ත්‍ර නිසියාකාරව වැඩ කිරීමට වගකියන කාර්මිකයන් ඉංජිනේරුවන් වගේම නියමිත වේලාවට ඇණවුම් ලබාගන්නා අපගේ විකුණුම් හා අලෙවිකරණ නිලධාරීන් දක්වා සියල්ලන්ම මෙයට ඇතුළත්.

අන් සියලුදෙනාම නිෂ්පාදන සාමාජිකයන්ගේ සුබ සිද්ධියට ප්‍රමුඛත්වය දිය යුතු අතර, ඔවුන්ගේ දායකත්වය අගය කරමින් ඔවුන්ට සැබවින්ම සහයෝගය සහ බල ගැන්වීම දැනෙන පරිසරයක් නිර්මාණය කළ යුතුය. ඔවුන් සාර්ථක වූ විට, අපි සියල්ලෝම සාර්ථක වෙමු.

සාර්ථකත්වය යනු දීප්තිමත් අතිදක්ෂයෙකු වීම පමණක් නොවේ එය මූලික කරුණු ප්‍රගුණ කිරීම මත පදනම් වී සිටීම සහ අනවශ්‍ය වැරදි වළක්වා ගැනීමයි. ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් මෙයට හොඳ උදාහරණයකි. සෙරීනාට, ටෙනිස් යනු සෑම මොහොතකම පරිපූර්ණත්වය හඹා යෑමක් නොව, දිනෙන් දින මූලික කරුණු ප්‍රගුණ කිරීමයි, ස්ථාවරත්වයයි,අභියෝග ඇති වූ විට පැන නොයන්න. සන්සුන්ව, අවධානයෙන් සහ නොසැලී සිටින්න, එවිට ක්‍රීඩාව අපට වාසිදායක ලෙස දිග හැරෙනු ඇත.
උදා වූ 2025 නව වසර, බ්‍රැන්ඩික්ස් පවුලේ ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් අනෙකුත් සහාය සේවා සපයන සියලුම අයටත් ඔවුන්ගේ පවුලේ සැමටත් සතුට සැනසුම සපිරි සුබ නව වසරක් වේවා යැයි, නැවත මා ප්‍රාර්ථනා කරනවා.

අෂ්රොෆ් ඔමාර්
බ්‍රැන්ඩික්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී

 

Facebook
Facebook