අපේක්ෂා

ඇහැළ මහේ දිනක
දිදුලන නිල්මිණි දෑස
බැඳුණු ඒ සෙනෙහස
තාමත් ඒ ලෙසින් ම ය

ගෙවී ගෙවී ගිය මතකය
නුඹ මවක් වු දිනයක
කොයිතරම් නම් සතුටින් ද
අපි හිටියේ පුංචි පැළ තුළ

ජීවිතය ඇරඹුම සොඳුරුයි ද
හිතුවට
හිතුවේ නැහැ දෛවය ම
සරදම් ද ඔය තරමට

පුංචි එකා හඬනා විට
දෙතනේ පුඩු බිමට හැරී
කිරි එරෙනා රන් දෙතනේ
කිරි නොඑරී තිබුණේ

අපේක්ෂාවේ ඇද ඉහ මත
අපේක්ෂා රහිතව
උඩුබැලිව සිටිනා විට
දෑස් තෙත් වුණේ මගෙයි
නුඹේ නොවේ

කන්නගීට එක් තන පුඩුවක් වුණාට
නුඹට දෙතන ම වටිනවා නේද
පුංචි එකා උරන විට දෙ අත ම
කීරි ගැහෙනවා මගේ හදවතම

ඩී.ආර්.ටී. අනුරුද්ධික
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල

Facebook
Facebook