ලංකාවේ ඇඟලුම් ආයතන අතර ඉහළින්ම සිටින බ්‍රැන්ඩික්ස් සමූහය නිරන්තරයෙන්ම කැපවන්නේ උසස් නිමැවුමකින් යුතු ගුණාත්මක ඇඟලුම් නිෂ්පාදනය කිරීමටයි. ඒ සඳහා ඇප කැපවී වැඩකරන අපගේ සාමාජික සාමාජිකාවන් සේවක, කාර්ය මණ්ඩල සහ විධායක ශ්‍රේණිය වශයෙන් තනතුරු දක්වා උසස් තැනකට යන්නට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අවස්ථාව ලබා දීමට අපි නිරන්තරයෙන් ක්‍රියාකරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් (ILO) ජාත්‍යන්තර මූල්‍ය සමාගමත් (IFC) ඒකාබද්ධව ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩි ප්‍රතිශතයක් සිටින කාන්තාවන් සඳහා පවත්වන GEAR වැඩසටහන සමඟ අපගේ වතුපිටිවල, අවිස්සාවේල්ල, රිදීගම, රඹුක්කන, මීරිගම සහ කටුනායක ආයතනවල සාමාජිකාවන් පිරිසකට ඒ හා සම්බන්ධ වන්නට අවස්ථාව සලසා දෙනු ලැබුවා. GEAR හෙවත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අගයන මේ සංකල්පය බංග්ලාදේශය, වියට්නාමය, මැඩගස්කරය වගේම ලංකාවේත් ක්‍රියාත්මක වෙනවා.
මේ දැනුම සහ පුහුණුව ලබා දීමේ අභිප්‍රායෙන් පැවැත්වූ වැඩසටහනෙන් අපගේ සාමාජික සාමාජිකාවන් 22ක් සිය දැනුම අත්දැකීම් ඉහළ නංවා ගැනීමට GEAR හා සම්බන්ධ වී සහතිකපත් ලබාගනු ලැබුවා. මේ වැඩසටහනෙන් ක්ෂේත්‍රයේ වැඩිදුර දැනුමක් ලබා වඩා හොඳ කාර්යයක් ඉටු කිරීමට පුහුණුවක්, වැඩ කළමනාකරණය සහ අධීක්ෂණය වැනි අංශ පිළිබඳ දැනුමක් වගේම දේශීය විදේශීය ව්‍යවසායකයින් ඒකාබද්ධ කරන්නටත් අවස්ථාව ලැබී තිබෙනවා. මාස 6ක් පුරාවට පැවති මේ වැඩසටහනේ කාන්තා සාමාජිකාවන් වෙනුවෙන් තාක්ෂණික පුහුණුව, නායකත්ව සංවර්ධනය, කර්මාන්තශාලා කළමනාකරණය ගැන දැනුම, සේවකයින් අතර සහයෝගීතාව ඇතිකිරීම වැනි ක්‍රියාකාරකම් ඇතුලත්වුණා. ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් දක්වන කාන්තාවන් සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇතිකිරීම, ඔවුන් සවිබල ගැන්වීම් වැනි අරමුණු උදෙසා ක්‍රියාත්මක වූ GEAR වැඩසටහන සමඟ බ්‍රැන්ඩික්ස් සමූහය වශයෙන් අපට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ආයතනයේ කාර්යක්ෂමතාව තව තවත් ඉහළ නංවා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වන්නට හැකියි. ජවයෙන් ප්‍රබෝධයෙන් යුතුව අපගේ ඉලක්ක කරා යන ගමනට GEAR වැඩසටහන මහඟු පිටුවහලක් වනු නිසැකයි.