සඳ තරු අධිපති ශිවදෙවියන්ගේ..
සීමා මායිම් නැත අප දන්නේ..
සෝකය දුරලා සෙත සලසන්නේ..
හින්දුන් ලෙස අපි දෙවිඳු පුදන්නෙ..
නව වසරේ මුල කිරි උතුරන්නයි …
ශිව දෙවිදුන්ගේ පිහිට ලැබෙන්නයි..
අස්වනු නෙළලා දෙවිඳු පුදන්නයි.
ලෝ වැසි සැමටම සෙත පතුරන්නයි..
පොංගල් බත හැම දෙනට බෙදෙන්නයි…
නව හාලෙන් කිරි බතක් උයන්නයි..
සාමය ප්‍රේමය දසත පිරෙන්නයි.
ශිව දෙවියන් සැම දෙනම රකින්නයි…
සුරංජි මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම