මම මට ආදරෙයි

සඳ ගෙත්තම් නෙක දස්කම් අහස පුරා මැවේවී….
හිත රිද්දන් ඇස වැස්සෙන් නේක දිනේ තෙමේවී..
දස දහසක් මිනිසුන් මැද මා අසලින් රැඳේවී..
මගෙ තනියට මා පමණක් සෙනෙහෙ සිතින් හිදීවී…

ආදර බස් නොයෙක් විටදි හිත ඇතුලෙන් ඇසේවී..
නෙක සළු පිලි මගෙ වතේ මා හැඩ කර බලාමී…
සෙනෙහෙ සිතින් ආලෙ පෙරුම් මා වෙනුවෙන් පුරෝමී ..
මා රැජිනක් කරනු පිණිස මා නිරතුරු හිදීමී..

මතු දවසක දිනන දාක මා සතුටින් පුරෝමී..
දස දහසක් බාදකයන් මා වෙනුවෙන් මැවේවී..
ඒ හැමටම වීර ලෙසින් මා මට සෙත සදෝමී..
මා වෙනුවෙන් මං ආදර ගීත තාල මවාමී…

සුරංජි මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම

Facebook
Facebook