වසර විසි දෙකක් පුරාවට බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ සේවය කරමින් සිය හැකියාවන්, දක්ෂතාවන් මනා ලෙස හසුරුවන්නට සමත් වූ ඇය නමින් දයානි ප්‍රේමලතා. සිය නොමඳ උත්සාහය, අධිෂ්ඨානය වගේම හැකියාව දක්ෂතාව පෙරටු කරගනිමින් ආයතනයේ සාම්පල් තාක්ෂණික නිළධාරිනියක් දක්වා දයානි උසස්වීම් ලැබුවා. සිය මුල්ම රැකියාව ලෙස නුපුහුණු මැෂින් ක්‍රියාකරවන්නියක් විදියට බ්‍රැන්ඩික්ස් හි සේවය ඇරඹූ ඇය අද වන විට සිය උනන්දුවත් අධිෂ්ඨානයත් මත ඉහළ තනතුරක් දක්වා පැමිණ තිබෙනවා.
මවක්, සහෝදරියක්, මිතුරියක් වගේම ආයතනයෙහි ඉතා වගකීමෙන් යුතුව සිය කාර්යයන් ඉටු කරන සාමාජිකාවක් වන දයානි ඉතාමත් හිතවත්, අවංක සහෝදරියක්. ඉතින් ඇය බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ලට කියා නිමකළ නොහැකි සම්පතක්. සිය අත්දැකීම්වලින් දැනුමෙන් ආයතනයේ නවක සාමාජික සාමාජිකාවන්ට අවශ්‍ය දැනුම, තොරතුරු ලබා දෙන ඇය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දයාවන්ත ප්රියාවියක්මය.