පවර ගිරිහිස අවර තුරු සිප
පවන ගෙන එන සිහිල් මිහිසර
ළදැලියන් ගේ සිනහා කැන්දන
සුපිපී හිරු මල ළතෙත් කරවන
වැටෙන පිනි බිඳු සේම දා බිඳු
මිහිලිය ද පණ පොවා නංවන
මුතුවලට හැඩ ළදැලි කොපුලත
සිප ගනිමි ස්නේහයේ මිණිවැල
ලිහී ගිය තුරුණු තුරු පත්
තබා ගිය මහා බරක් හිස මත
සුළං රැල්ලට කෝඩු හීනෙක
ගසාගෙන ගිය දුරක් තරමට
වන්දනා කරනා කුටුම්භය තුළ
ඇත්තේ ම අපරිමිත ම දිරිය
දා බිඳු මුතු කැට වර්ෂා වැටෙන
කර්කෂ ම පොළෝ ගැබ තෙමන
ඉඩෝරය නිමාකර වසන්තය එන
ජීවිතය ම කැප කර මිණිමුතු සලන
සැලමුතු පෙමක ළසෝ රාවය නගන
සොඳුරුම ද ජීවිතය දා බිඳු ගලන
– ඩී.ආර්.ටී.අනුරුද්ධික –
බ්‍රැන්ඩික්ස්- අවිස්සාවේල්ල