බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට සෙත් සුවය සදන්නට පුරා වසර 9ක් වෙහෙස වුණු අපේම සාමාජිකාවක් වන අචිනි කෞශල්‍යාගේ සේවයේ වටිනාකම මෙතෙකැයි කියා නිමකළ නොහැකියි.රිදීගම ආයතනයේ සාමාජික සාමාජිකාවන් අසනීප වන සෑම විටම මවක් මෙන් ඔවුන්ගේ ලෙඩ දුක් සොයා බලන ඇය වසර 9ක්ම බ්‍රැන්ඩික්ස් අපේම සාමාජිකාවක්ව සිය කාර්යභාර්යය වගකීමෙන් ඉටු කරනු ලැබුවා.
ඇය උස් පහත් භේද නොතකා හැම දෙනාටම සිනා මුසු මුහුණින් කාරුණික හැඟීමෙන් යුතුව හෙද පරම්පරාවේ සැබෑ නයිටිංගේල් සොයුරියකගේ වටිනාකම අපට පසක් කළා. සියලු දෙනාගේ නීරෝගී බව ගැන නිතරම සැලකිලිමත් වූ ඇය ආයතනයේ සියලු සෞඛ්‍ය අංශය සම්බන්ධ කාර්යයන්වලදී නොපිරිහෙලා සිය යුතුකම් වගකීම් ඉටු කරන්නටත් පැකිලුණේ නැහැ. ආයතනයේ සියලු දෙනාගේ ලෙඩදුක්වලට පිහිට වෙන ඇය රිදීගමට පෑයූ රීදී තාරකාවියක්මය.