ඉතා මොලකැටි සුමුදු සුසිනිඳු..
කිරිකැටියන්ගේ සිත් හරිම පිරිසිඳු..
වැඩුන කල එය මුලා වූ පසු..
දුසිරිතම පැතිරෙයි අපිරිසිදු…
කෝපයට සිත් පුරුදු කරවා…
මිනිස්කම ඇත මුදා හැරලා..
දුකක් නොදැනේ සිතක් බිඳලා..
අපා දොරගුලු විවර කරලා…
කුඩා කල දුටු මල් වගේ සිත..
එපා පරවී යන්න දෙන්නට..
පිරුණ ගුණදම් වලින් හැමවිට..
සිතම පුරවමු යන්න නිවනට..
සිතක ගිනිදළු නිවා දමමු…
වැටුන සිත් දැක දිරිය මවමු…
ඇවිලෙන්න අවුලන්න නොදෙමු…
නිවන්නට සනසන්න සිතමු….
පවිත්රා දුලාංජලී
බ්රැන්ඩික්ස් එසෙන්ෂල් සෙන්ටර්