බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ සිය කණ්ඩායමෙහි දක්ෂතාවන් හැකියාවන් මැනවින් හසුරුවන ඇය ජයලලිතා කුමාරි. නිවිතිගල ආයතනයේ සැමගේ සිත් දිනාගෙන සුහදශීලීත්වයෙන් යුතුව ඇය කටයුතු කරයි.
2016 වසරේදී ආයතනයේ විශිෂ්ටතම සාමාජිකාව ලෙසත් සම්මාන ලබමින් තමන්ගේ රැකියාව ඉතාමත් කැපවීමෙන් සිදු කරන ජයලලිතා සැබවින්ම අප ආයතනයට වටිනා සම්පතක්. ජීවිතයේ වසර 18ක්ම අප සමඟ ගෙවමින් සියල්ලන්ගේ සිත් දිනාගත් ජයලලිතා කුමාරි, නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරවන්නියකගේ සිට නිෂ්පාදන සුපරීක්ෂකවරියක ලෙස කණ්ඩායම් කිහිපයකම නායිකාවක් දක්වා සැබවින්ම ජයග්‍රහණයේ ලාලිත්‍යවත් ගමනක අද දක්වා පැමිණ ඇත.