මනස කියන්නේ හරියට අපේ ජීවිතේ සියලු දේවල් එකතු වෙලා තියෙන Box එකක් වගේ. අපි අවට ඉන්න අපගේ සිතුවිලි, හැසිරීම් වගේම ඒ දේවල්වලට අපි ප්‍රතිචාර දක්වන විදිය අනුව මනස ක්‍රියාත්මක වෙනවා. ශරීරය වගේම මනසත් ලෙඩරෝගවලට ගොදුරු වෙනවා. ඉතින් ඒ මනස ආරක්ෂා කරගැනීම අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එහෙම නොවුණොත් අපේ දෛනික ජීවිතය ගෙනියන්න අපිට බැරි වෙනවා. හිත වගේම ගතත් ලෙඩ වෙනවා. මේ මනස ලෙඩ වෙන්න එක හේතුවක් තමයි overthinking කියන්නේ. පුංචිම පුංචි සිදුවීම් ගැන, ඒ තරම් කලබල නොවිය යුතු දේවල් ගැන ඕනෑවට වඩා සිතීමෙන් ආතතියට පත්වීම නිසා ඔබේ මනස ලෙඩ වෙන්න පුලුවන්. ඉතින් ඒ වගේ මනස ලෙඩ නොවී තියාගන්න ඔයාට උදව්වෙන ක්‍රම කිහිපයක් තමයි මේ.
පළවෙනිම දේ මේ ලෝකෙ හැමදේම තමන්ට ඕන විදිහට ඉවර වෙන්නෙ නෑ කියන එක. ඒ යතාර්ථයට මුහුණ දෙන්න ඔයාගෙ මනස ශක්තිමත් කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි හිත් රිදීම්, සම්බන්ධතා බිඳවැටීම් සනීප වෙන්නත් යම්කිසි කාලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාට තියෙන ප්‍රශ්න විශ්වාසවන්ත කෙනෙක්ට කියන එකෙනුත් ඔයාගෙ මනස සැහැල්ලු වෙනවා වගේම ගැටලුවට නිවැරදි විසඳුමකුත් ලැබෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයාගෙ ජීවිතේ නරකම දේවල් වගේම හොඳම දේවලුත් වෙනවා කියන දේ නිතරම සිහිතබාගන්න. එතකොට ඔයාට ඕනෑම දුකකට, සතුටකට මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම පුලුවන්. මෙන්න මේ දේවල් අනුගමනය කළොත් Overthinking වලින් ඈත්වෙන්න ඔයාට ඉක්මනින්ම පුලුවන් වෙනවා.