බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ සිටින දක්ෂ සාමාජිකාවක් ලෙස හැඳින්විය හැකි ඇය නමින් අහිංසා සත්මිණි. උනන්දුව හැකියාව සහ අවංක බව පෙරටු කරගෙන ආයතනයේ කෙටි කලකින් ඉහළ තැනකට එන්නට ඇයට හැකිවුණා. දත්ත ඇතුළත් කිරීමේ අංශයේ වගේම මානව සම්පත් අංශයේ සහයිකාවක් ලෙසත් බ්‍රැන්ඩික්ස් රීදිගම ආයතනයේ සේවය කරන අහිංසා, වචනයේ අර්ථයෙන්ම අහිංසකාවියක්මය.
හැඩකාර යෞවනියක් ලෙස ඈ සිය හැකියාව, ධෛර්යය නිසා ආයතනයේ සියල්ලන්ගේ ආශිර්වාදය මැද තව තවත් ඉහළටම යන්නට මඟ විවර කරගත්තීය. ඇය ආයතනයේ සියලු සාමාජික සාමාජිකාවන්ට ආදර්ශයක් වගේම සියලු දෙනාගේ සිත් ගත් චරිතයක්. අවංක බවින් යුතුව සිය කාර්යභාර්යය නිසි ලෙස ඉටු කරන ඇය රිදීගම බ්‍රැන්ඩික්ස් ආයතනයත් සියලු බ්‍රැන්ඩික්ස් සමූහයත් දිදුලවන්නට සමත් තැනැත්තියකි.