මලක් වැනි සිනාවකින් යුතු - පද්මප්‍රියා

මලක් වැනි සිනාවකින් යුතු ඇය මඩකළපුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිෂ්පාදන අංශයේ ඉහළ සාමාජිකාවකි. දක්ෂ ලෙස ආයතනයේ කටයුතු මැනවින් හසුරුවන ඈ නමින් පද්මප්‍රියා යි.කණ්ඩායම් නායිකාවක් වශයෙන් සිය කණ්ඩායමේ පැමිණීම් සහ විනය නිසි ලෙස පවත්වාගෙන යන්නට කැපවෙන ඇය, මඩකළපුව බ්‍රැන්ඩික්ස් ආයතනයට වටිනා සම්පතකි. සිය හැකියාවත් දක්ෂතාවයත් නිසා ඇයට ආයතනයේ ඉහළ කාර්ය මණ්ඩලය දක්වා ඉහළට යන්නට වරම් හිමි වුණා. කාර්යක්ෂමව සිය කටයුතු සිදු කරමින් හැමවිටම සියලුදෙනා සමඟ සිනාමුසු මුහුණින් සිටින පද්මප්‍රියා ආයතනයේ සියලුදෙනාටම ප්‍රිය තැනැත්තියකි.

තම කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් සියලු දෙනා සමඟම සුහඳව කටයුතු කරන ඇය හොඳම ශූන්‍ය කාබන් නිෂ්පාදන කණ්ඩායමේ නායිකාවක් ලෙසත් කටයුතු කරනු ලබනවා. වසර 9කට ආසන්න සිය සේවා කාලයේ තමන්ට පැවරුණු වැඩකටයුතු ඉතාමත් මැනවින් ඉටු කරන ඇය බ්‍රැන්ඩික්ස් මඩකලපුවට වටිනා සාමාජිකාවකි.

Facebook
Facebook