වියමන් රටා

දියත පුවතර අඟන සුරතින්
මැවෙන සුන්දර රටා වියමන්
දැවෙන සරතැස නිවාලනු වස්
අනුව වැයෙනා තනුවකිය රන්
පුන් මදාරා රේණු සිප අග
හද නිවාලූ ඔසුවකිය පැන්
නේක සන්නාලියන්ගේ සිත්
මෝහනය කළ කවිය ‘ වියමන්’

අංජලී
බ්‍රැන්ඩික්ස් නිවිතිගල

Facebook
Facebook