උදෑසනටත් පෙර නැගිට,
සියල්ලටම පෙර
යුතුකම් ඉටු කරන්නට
හයිය දුන්නේ දෙවියන් ද?
යවා දූ දරු කැල පාසලට
උයා දී රස බත් ගෙන යන්නට
කාලය හා සෙල්ලම් කරන්නට
අත් පා හතර බැගින් නැහැ නොවෙද?
දිනකට රාජකාරි එකවිට කර
හවසටත් විවේකයක් නැති
මව්වරුන් කොතරම් ඇත්ද?
රස්සාවකට යන ළමයින් බලන
ගේ දොර බලන සැමියන් සනහන
පින්බර ගැහැණුනි නුඹේ වරුණ කියන්නට
එක් දිනයක් පමණක් ඇතිද?
මේ ශක්තිමත් ගැහැණිය
සියල්ල දරාගන්නේ ඈ මැවුයේ දෙවියන්ද?
දෙවියන්ට සමතැන සිටිය නොහැකි කළ
නිමවූ නිමවුමයි ගැහැණිය !
A.M. ඉෂාරා සෙව්වන්දි
බ්‍රැන්ඩික්ස් කොග්ගල