එක්ව දිනන්නී සිනාවෙන් දිවිගෙවන්නී - හසිනි

සිනහවම භාග්‍යායක් කරගත් හෂිනි භාග්‍යා..
බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ සේවා කටයුතු කරන භාග්‍යා හැම කෙනෙකුගේම සිත්දිනා ගත්ත වාසනාවන්තියක්.
ඇයටම ආවේනික ගීතවත් කටහඬ වගේම හැමෝගෙම සිත් දිනාගන්න හිත් පිනවන සිනහවක් භාග්‍යාට උරුමයි. ඒ නිසාම හැම කෙනෙක්ම ඇයගේ ආදරණීය මිතුරු මිතුරියන්.

ආයතනයේ තිබෙන නර්තන තරග සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ගන්නට ඇයට හැකියාව ලැබී තිබෙනවා.ජීවිතයේ ජයග්‍රහණ හඹා යන භාග්‍යා බ්‍රැන්ඩික්ස් හා එක්වූයේ ඇයගේ අනාගත බලාපොරොත්තු සරු කරගන්නටයි.ඇය ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ තම දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන ආයතනයේ නිලධාරී ශ්‍රේණිය දක්වා ගමන් කිරීමටයි.භාග්‍යාගේ සියලු බලාපොරොත්තු භාග්‍යවන්ත ලෙස සඵල වේවා යැයි වියමන් අපිද ප්‍රාර්ථනාකරන්නෙමු.

Facebook
Facebook