සුබ සිහින වියනා අයෝමා!

අයෝමා මඩ්ජුශානි ඇය මහනයන්ත්‍ර ක්‍රියාකරවන්නියක් විදිහට මිරිගම අපේ ආයතනයට සම්බන්ධ වෙලා ඇගේ ජීවීතේ ලොකු ගමනක් යන්න සූදානමක් තියෙනවා ..

ඇය අම්මා කෙනෙක්.සුරතල් දරු දෙන්නේක්ගේ, ඒ වගකීම් ඒ විදිහටම ඉටු කරන ගමන් ආයතනයේත් කැපී පෙනෙන දක්ෂ සාමාජිකාවක් විදිහට වැඩ කරනවා.ලබා දෙන ඉලක්ක නිසි විදිහට ක්‍රමානුකූලව ළඟා කරගන්න ඇයට මනා දක්ෂතාවයක් තියෙනවා..කැපවීම උනන්දුව ඇගේ ගමන තවත් ලස්සන කරනවා..ඇය බොහොම නිහතමානිව තමන්ගේ කන්ඩායමේ අනිත් සාමාජික සාමාජිකාවන්ට උදව් කරන ගමන් දුක සැප බෙදාගෙන කන්ඩායමක් විදිහට ලොකු ගමනක් යන්න ඇය සූදානමින් සිටිනවා..

Facebook
Facebook