මහේෂ් කුමාර ඩයස් දැනට ආයතනයේ තත්ව පාලන සුපරීක්ෂකවරයෙක් ලෙසට කටයුතු කරනවා. මහේෂ්ගේ සේවා කාලය දැනට වසර 15ක් පමණ වෙනවා. රැකියාවක් සොයමින් සිටි කාලයේදී මහේෂ්ගේ මිතුරන් දෙදෙනෙකු මේ ආයතනයේ රාජකාරී කටයුතු සිදුකොට තිබෙනවා.ඒ දෙදෙනාගේ මාර්ගයෙන් මහේෂ් මේ ආයතනයට සම්බන්ධ වී තිබෙනවා. මුලින්ම ඔහු රැකියාව ආරම්භ කරන්නේ තත්වපාලන සාමාජිකයෙක් විදිහට.
බීඑෆෙල් ආයතනයේ විශාල සේවක පිරිසක් හා විශාල නිශ්පාදන ධාරිතාවක් සහිතව කටයුතු කල ආයතනයක්. ඒ අනූව ආයතනයේ අපේක්ෂිත ඉලක්ක ජයග්‍රහණය කිරීමට මෙන්ම “බ්‍රැන්ඩික්ස් ” නාමය ලොව නංවන්නට මහේෂ් දක්වන ලද දායකත්වය අති මහත්.
තත්ව පාලන අංශයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ආයතනයේ කොයි කා සමගත් මනා සම්බන්ධීකරණයෙන් කටයුතු මහේෂ් කටයුතු කරනවා. එපමණක් ද නොවෙයි. ආයතනයේ විශේෂිත උත්සව අවස්ථාවලදී නිර්මාණශීලී සැරසිලි සිදු කරන්නේ මහේෂ්ගේ ප්‍රධානත්වයෙන්. පසුගියදා පැවති වාර්ශික පිරිත් පිංකම වෙනුවෙන් මහේෂ්ගේ ප්‍රධානත්වයෙන් අපූරූ ගොක්කොල තොරණක් ද නිර්මාණය වුණා.
කණ්ඩායමේ සියලුදෙනාම එකතු කරගෙන , කණ්ඩායම් හැඟීමෙන් යුතුව විශිෂ්ඨත්වය කරා යාම ඒකායන අරමුණ බව මහේෂ් පවසනවා.