තරු පිරුණු අහස යට
වැතිරිලා මොහොතක්…
නුඹ නමින් මම මැව්වා
පෙම් හීන දහසක්…
පිනි කඳුළු පිසලන්න
හිරු කිරණ වැස්සක්…
මහ පොළොව සිප ගනී
ආදරෙන් වරුවක්…
මල් සුවඳ, මකරන්ද හා
සොඳුරු දෙබසක්…
පොද වැස්ස, සුළඟ හා
එකම පෙම් හබයක්…
මිහිඟු, මුවරද සොයා
ගී කියන දවසක්…
ලං වෙලා මට කීවා
“ආදරේ” කියන්නෙම
සුන්දරම කවියක්…!
නයෝමි ප්‍රසංගිකා
බ්‍රැන්ඩික්ස් මීරිගම 02