දිනෙන් දින තම සිහින සැබෑ කරගෙන ඉදිරියට යන ඇය නිලුෂිකා ප්රියදර්ශනී. මීට වසර හයකට පෙර බ්රැන්ඩික්ස් රඹුක්කන ආයතනයට ඇය මුලින්ම එක්වන්නේ ඇඟලුම් ක්ෂේත්රයට ආගන්තුකයෙක් ලෙසින්. තත්ත්ව පාලිකාවක් (Checker) ලෙස තම රැකියා ජීවිතය ආරම්භ කරන ඇය පසුව තත්ත්ව විගණකවරයෙක් (AQL Auditor) වන්නේ ඇය සතු නොපසුබට උත්සහය නිසාමය. විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඇයගේ ඊළඟ කඩයිම සාර්ථක කරගැනීමට ඇය දැරුවේ බ්රැන්ඩික්ස් සාරධර්ම අතින්ද පොහොසත් වෙමිනි. අද වන විට කණ්ඩායම් හයක තත්ත්ව සුපරීක්ෂකවරයකු ලෙස සේවය කරන නිලුෂිකා, කාගේත් සිත් දිනාගත් කාර්යක්ෂම තැනැත්තියක්.