පුංචි අපේ සුර ලෝක

අදත් ඉදහිට පාර කියනව ඒ අතීතෙට දුවන්න.
උබයි මමයිත් මේ වගේ වෙන්නැති ඈත ඉස්සර උන්න
ජීවිතේ බර හිතට පොඩ්ඩක්වත් නොදුන්න
අනේ ආසයි ඒ සතුටු ලෝකෙට උබත් එක්කම දුවන්න

දං හිබටු නාරං වෙරළු මැංගුස් පේර සහ හුගක් ජාතී
කඩ කඩා කෑවා ගස් ගානෙ බඩගා අපී
පොඩි කොල්ලො ඌවත් රජ කුමරුටත් රගපෑ සැටී
ගමේ හුළඟත් දන්නවා බං අපි දෙන්නාගෙ ගතී

භූත හොල්මන් හුගක් හිටියා උබෙ කතා අස්සේ
හීන ලෝකෙන් අපි ඉදහිටක දෙව් විමන් දැක්කේ
ඔහේ කොතැනක හෝ ඉදන් කී කතා තිස්සේ
තාම ඇහෙනව බන් අදත් මගෙ හිතේ අස්සේ

රජ කතාවල වීරයෙක් වගෙ උබම මැව් ලෝකේ
හිටිය වාගේ උබ කොහොමදෝ රසකරල කීවේ
හුගක් ඈතයි බන් අද ජීවිතේ ගමනේ
කාල යන්ත්‍රය හොයා ගත්තොත්
අනේ කියපන්
මාත් එනවා සුර ලෝකේ

තිවංක එස් දිසානායක
බ්‍රැන්ඩික්ස් නිවිතිගල

Facebook
Facebook