කැපවීම,දක්ෂතාවය, සුහදත්වය, කණ්ඩායම් හැසිරවීමේ හැකියාව හා නායකත්වයෙන් ඉදිරියට යන දිනුක දීශාන් රූපසිංහ,රිදීගම ෆිනිෂින් රත්මලාන ආයතනයේ නායකයෙකු ලෙස සේවයට පැමිණ,
තම සේවය අවංකව ඉටු කරමින්,අද වන විට කණ්ඩායම් සුපිරික්ෂකවරයෙකු ලෙස තම කාර්යභාරයන් සාර්ථකව ඉටු කරනවා.
කණ්ඩායම් සගයන් සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කරන නිසාම හොඳ කාර්යක්ෂමතාවයක් ළඟා කර ගන්නටත් සියලු දෙනාගේම හිත දිනාගන්නටත් දිනුකට හැකියාව ලැබිලා තියෙනවා.තමාගේ අනාගත සුභ සිද්ධිය සහ ආයතනයේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන දිනුක ජීවිතය දිනන්නට මං පෙත් සකසා ගන්නා අයුරු ඔහුගේ කතාව තුළ දක්නට ලැබෙනවා.
යහපත් පුරවැසියෙකු සේ ජීවිතය දිනන්නට දිනුකට අපෙන් සුභ පැතුම්.