2007 වසරේදී වතුපිටිවල බ්රැන්ඩික්ස් ආයතනයට මැෂින් ක්රියාකරවන්නියක් ලෙස එක් වූ එම්.ඒ.චන්ද්රකාන්ති,අද වනවිට කණ්ඩායම් සුපරීක්ෂිකාවක් ලෙස උසස්වීම් ලබනවා.
ඇයගේ කැපවීම,කාර්යක්ෂමතාව සහ නියමිත සාමාජික පැමිණීම පවත්වා ගැනීම නිසා කණ්ඩායම සාර්ථකව මෙහෙයවමින් ඇය ආයතනයට වටිනාකමක් එක්කරනවා.රාජකාරි ජීවිතය තුළ පමණක් නොව,පෞද්ගලික ජීවිතයේ මවක්,බිරිඳක්,දියණියක් ලෙස සතුටින් සහ ගෞරවයෙන් ගත කරන ඇයගේ ගමන සැබවින්ම ආදර්ශයක්.නවක සාමාජිකාවන් කණ්ඩායම තුළ රඳවා ගනිමින් ඒ සියලුම දෙනා ආරක්ෂා කරගනිමින් නිෂ්පාදන ඉලක්ක කරා යන්නට ඇයට ඇත්තේ සුවිශේෂී හැකියාවක්.අනාගත ජීවිතය සාර්ථකව ගත කරන්නට අවැසි ශක්තිය ලැබේවායි වියමන් අපේ පැතුමයි.