නිවිතිගල බ්‍රැන්ඩික්ස් ආයතනය වෙනුවෙන් තම වගකීම ගෞරවයෙන් ඉටුකරන නිෂ්පාදන අංශ කණ්ඩායම් සාමාජිකාවක් ලෙස කටයුතු කරන හර්ෂනී ඉන්ද්‍රචාපා,තම කණ්ඩායමේ සාමාජිකයින් සමඟ එකමුතුවෙන් ක්‍රියාකරමින් නිෂ්පාදන ඉලක්ක සාර්ථකව ඉටු කරන දක්ෂ සාමාජිකාවක්.
නියමිත කාලයන්ට වැඩ සැලසුම් කරමින්,වගකීම් සහගතව කණ්ඩායම මෙහෙයවමින් ඇය ආයතනයට වටිනා දායකත්වයක් ලබා දෙන කැපවීමෙන්,දක්ෂතාවයෙන් කටයුතු කරන ආදර්ශමත් කාන්තාවක්.ඉලක්ක හඹා යාමේදී මහන්සිය නොබලා කටයුතු කරන නිසාම බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වෙනවා.වියමන් අපේ ප්‍රාර්ථනය වන්නේද හර්ශනීගේ ඉදිරි අනාගතය සාර්ථකවේවා යන්නයි.