සැමදා අනාගත පරපුර වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බ්‍රැන්ඩික්ස් අප ආයතනයේ සාමාජික පවුල්වල දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන වාර්ෂික පාසල් උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය,අඛණ්ඩව 10 වැනි වරටත් මෙම වසරේදී ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්.
අපගේ දැඩි කැපවීමෙන්,අධිෂ්ඨානයෙන් යුතුව සිඳු කරනු ලබන මෙම ව්‍යාපෘතියේදී අප විසින්,
• 2025/26 මූල්‍ය වර්ෂය සඳහා පාසල් උපකරණ පැකේජ 10,842ක් ලබාදීමට යෝජිතයි.ඒ අනුව,අප ආයතනයේ සාමාජික පවුල්වල දරුවන් 10,842කට ප්රතිලාභ හිමිවනු ඇත.
• ශ්‍රී ලංකාව තුළ මේ දක්වා (2025/26 ව්‍යාපෘතිය හැර) ලබා දී ඇති මුළු පාසල් උපකරණ,පොත් කට්ටල ගණන 104,248.
• ගෝලීය වශයෙන් (ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළුව,2025/26 ව්‍යාපෘතිය හැර) මේ දක්වා ලබා දී ඇති මුළු පොත් කට්ටල ගණන 135,482.
මෙම සත්කාරය තුළින් දස දහස් ගණනක් දරුවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබාදීමට හැකිවීම අප ආයතනය ලැබූ විශාලතම ජයග්‍රහණයයි.