2013 වසරේ බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ලේ ආධුනික මහන යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස එක් වූ තමිර එරංග, පුහුණුව සහ කැපවීම මත නිෂ්පාදන සුපරීක්ෂක තනතුරටත්, ඉන් අනතුරුව විධායක නිලධාරී තනතුරටත් උසස්වීම් ලබනවා.
හැකියාවෙන්, දක්ෂතාවයෙන්, උනන්දුවෙන් සාර්ථකත්වයට ගමන් කරන තමිර, තම කණ්ඩායම සමඟ උපක්‍රමශීලීව ඉලක්ක ලබාදෙමින් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින්, සිය කණ්ඩායමේ සිත් දිනා ගැනීමටත්, අමාරු කාලයට තිත තබමින් අද වන විට අභියෝග ජය ගැනීමටත් හැකියාව ලැබෙනවා.
නායකත්වයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන තිමිර මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ, එම ආපදාවෙන් පීඩා විඳි බොහෝ පිරිසක් ආරක්ෂාකාරීව බේරා ගැනීමට කටයුතු කළා. ආයතනයේ ප්‍රගතිය සඳහා විශාල දායකත්වයක් ලබා දෙන තමිරගේ ගමන සැමට ආදර්ශයක්.