ලස්සන රූ සපුවක්, මිහිරි කටහඬක් හා නිහතමානී කා අතරත් සොඳුරු යුවතියක් ලෙස කතාබහට ලක්වන ඇය කවීශා මල්ෂානි.
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයට 2019 වර්ෂයේදී Training Operator ලෙස සම්බන්ධ වූ ඇය, මේ වන විට Jumper ලෙස කටයුතු කරනවා. ඇය කියන විදිහට, ආයතනයෙන් ලැබෙන සහයෝගය නිසාම එකමුතුවෙන් කිසිදු බාධාවකින් තොරව තම කාර්යයන් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබී තියෙනවා.
තම හැකියාවෙන් ඉදිරියට යන්න වගේම ආයතනය තව තවත් ඉදිරියට යනු දැකීම කවීශාගේ බලාපොරොත්තුවයි. ඇයගේ එම අනාගත බලාපොරොත්තුවල සාර්ථකත්වය දැකීම අපට සතුටකි.