අප්පච්චිට ලියූ හසුනක්...

මැටි ගේ මැදුරේ
පොල් අතු පැදුරේ
හීන අහුලනා අප්පච්චි
උණුහුම් හුළඟේ ලියා එවන්නම්
නුඹ හට හසුනක් අප්පච්චි

පුංචි නංගියා රෑට අඬනවද
අම්මගේ උණුහුම මතක් වෙලා
ඉස්සර වාගේ සඳ නැති දාටත්
හඳ ඉල්ලනවද කෑගහලා

ගේ පැල මිදුලේ මාදං කන්නට
හුඟක් කුරුල්ලෝ තාම වඩිනවද
ඉඳහිටවත් උන් මං ගැන ඇහුවද
සෙල්ලම් කළ හැටි මතක් වෙලා

අත්වාරුව නුඹේ හිතට බර වැඩී
මං දන්නවා අප්පච්චි
කනවැල අල්ලන් කොහොම දුවන්නද
නගරෙන් මං ගම හොයලා

තිවංක එස් දිසානායක
බ්‍රැන්ඩික්ස් නිවිතිගල

Facebook
Facebook