සුන්දර සිනහවෙන් හැමෝගෙම හිත දිනාගත් ඇය, බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ සජීවනී ශානිකා.
2016 වසරේදී බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයට සම්බන්ධ වූ ඇය, තම දක්ෂතාව නිවැරදිව හඳුනාගනිමින් 2019 වසරේදී ‘දක්ෂතම මැහුම් ශිල්පිනිය’ ලෙස ජයග්‍රහණ ලබා ගත්තාය. කාලයත් සමඟ හැකියාව, දක්ෂතාව සහ අත්දැකීම්වලින් ඉදිරියට ආ සජීවනී මේ වන විට තාක්ෂණික අංශයේ කාර්ය මණ්ඩල නිලධාරිනියක් ලෙස සේවය කරයි.
අනෙකුත් සාමාජිකයන් සමඟ එකමුතුවෙන් කටයුතු කරන සජීවනී, තම හැකියාවන් තව තවත් වර්ධනය කරගනිමින් ආයතනයේ ඉලක්ක සාර්ථකව ඉටු කරමින් ඉදිරියට ගෙන යාම තම බලාපොරොත්තුව කර ගනිමින් කටයුතු කරයි.