මීරිගමින් දිදුලන දිනේෂී ප්‍රසාදිනී

යන්ත්‍ර සමඟ හරි හරියට ගැටෙමින්, නොපසුබට උත්සාහයෙන් සහ කැපවීමෙන් කටයුතු කරන දිනේෂි ප්‍රසාදිනී, බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයේ සිටින දක්ෂ මැෂින් ඔපරේටර්වරියකි. වසර 9ක සේවා කාලයක් පුරාවට බ්‍රැන්ඩික්ස් පවුලට සවියක් වූ ඇය, සෑම විටම සිනාමුසු මුහුණින් තම රාජකාරිය මනාව ඉටු කරයි.

​තම ජීවිතයේ බොහෝ ඉලක්ක සපුරා ගැනීමට ආයතනයෙන් ලැබුණු ශක්තිය නිහතමානීව සිහිපත් කරන ඇය, ආයතනික ඉලක්ක ජය ගැනීමට පමණක් නොව තමා අවට සිටින අනෙකුත් සාමාජිකයන්ටද උදව් කිරීමට කිසිවිටෙකත් පැකිලෙන්නේ නැත. වගකීම් සහගතව ඉදිරියට යන දිනේෂිගේ එකම බලාපොරොත්තුව තමාට සවියක් වූ තම ආයතනය දිනෙන් දින ඉහළම ජයග්‍රහණ කරා ගමන් කරනු දැකීමයි.

Facebook
Facebook