තාරුණ්‍යයේ ජවයත්, නොපසුබට උත්සාහයත් සමඟ ඕනෑම අභියෝගයක් ජයගත හැකි බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ සැමගේ ආදරය සහ ගෞරවය දිනාගත් තිසරු සසිත් දක්ෂ, නිහතමානී තරුණ නායකයෙකි. මේ වන විට CPU අංශයේ Team Leader ලෙස කටයුතු කරන ඔහු, තමාට පැවරෙන වගකීම් කැපවීමකින් යුතුව ඉටු කරයි. කණ්ඩායම තුළ ශක්තිමත් බැඳීමක් ඇති කරමින්, සාමූහිකත්වයෙන් ජයග්‍රහණ කරා තම පිරිස මෙහෙයවීමට ඔහු දක්වන දක්ෂතාවය සැබවින්ම අගය කළ යුතුයි.
ඔහුගේ ප්‍රියමනාප සහ සුහදශීලීත්වය, සිනහමුසු මුහුණින් යුතුව සහෝදරත්වයෙන් සියලු දෙනා සමඟ නිහතමානීව කටයුතු කිරීම සැමට ගෙන එන්නේ සතුටකි. ආයතනයේ දියුණුව වෙනුවෙන් උපරිම ශක්තිය ලබා දෙන සැබෑම සම්පතක් වන තිසරුගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි බ්‍රැන්ඩික්ස් අපි හදවතින්ම සුබ පතන්නෙමු!