සුන්දර රූ සපුවක් ඇති බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ අංජලී සෞම්‍යා වික්‍රමසිංහ, බ්‍රැන්ඩික්ස් ගමන් මගේ වටිනා සම්පතකි. වසර 5ක පමණ කාලයක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ඇය, 2021 වසරේ සාමාන්‍ය කණ්ඩායම් සාමාජිකාවක ලෙස එක් වී අද වන විට නිෂ්පාදන අංශයේ දක්ෂ කණ්ඩායම් නායිකාවක (Team Leader) ලෙස කටයුතු කරයි.
ඇයගේ ඇති දක්ෂතාවය හා නොබසුබට උත්සාහයෙන් පැමිණි මේ ගමන ගැන ඇය පවසන්නේ ඉතා සතුටිනි. තමාට ලැබෙන වගකීම් නිසියාකාරව ඉටු කරමින් සැමදෙනා සමඟම සතුටින්, එකමුතුව සහ කාර්යක්ෂමව කටයුතු කිරීමට ලැබීම තම ජීවිතයේ ලැබූ අභියෝගාත්මක සාර්ථකත්වයකි. ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය තව තවත් ජයග්‍රහණ කරා ඉදිරියටම රැගෙන යාම ඇයගේ අරමුණයි.