නර්තන කලාවෙන් ලොව දිනා, වෘත්තීය දැනුමෙන් ආයතනය ඔප්නංවන බ්‍රැන්ඩික්ස් පවුලේ බහුවිධ දක්ෂතාවලින් පිරිපුන් සම්පත පියුමි හංසිකා.බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂිං ආයතනයේ වසර 4ක සේවා කාලයක් සපුරා ඇති පියුමි, දත්ත ඇතුළත් කිරීමේ සහායිකාවක ලෙස වෘත්තීය ගමන අරඹා අද වන විට කාර්මික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක (Senior Staff Officer – IE) ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වන්නියකි.
ඇයගේ සාර්ථකත්වයේ රහස නොබසුබට උත්සාහයයි. බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් (Brandix Corporate Campus) හරහා වෘත්තීය ඩිප්ලෝමාව හදාරමින් දැනුම සන්නද්ධ කරගත් ඇය, RITE අගයන් පෙරදැරිව කණ්ඩායම් හැඟීමෙන් සහ පැහැදිලි ඉදිරි දැක්මක් සහිතව කටයුතු කරන ආදර්ශවත් සාමාජිකාවකි.
වෘත්තීය නිපුණතාවයට අමතරව, සමස්ත ලංකා නර්තන ජයග්රහණයෙන් කලාවත්, සාමාන්‍ය පෙළ දරුවන්ට අමතර පන්ති පවත්වමින් ගුරු වෘත්තියත් එකසේ පෝෂණය කරන පියුමි, බ්‍රැන්ඩික්ස් සන්නාමය තව තවත් ජයග්‍රහණ කරා රැගෙන යාමට කැපවී සිටියි.
පියුමි, ඔබේ දිරිය සහ දක්ෂතාවය බ්‍රැන්ඩික්ස් රිදීගම අප සැමට අභිමානයකි!