1. කියවන්න දිරි දෙන්න බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල නව පුස්තකාලයක් අරඹයි.
අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ දී නව පුස්තකාලයක් ස්ථාපිත කෙරුණා. ඒ පසුගිය සැප්තැම්බර් නව වනදා. එය විවෘත කළේ ආයතනික සාමාන්‍යාධිකාරීවරයා විසින්. මේ අවස්ථාවට එම ආයතනයේ විධායක නිලධාරීන්, සේවක සුබසාධක සමිනියේ සභාපති හා ලේකම්වරයා ද එක්ව සිටියා. ළමා කතා පොත්, පරිවර්තන කෘති, කෙටි කතා, නවකතා, ආගමික කෘති, සාහිත්‍ය කෘති ආදි පොත් වර්ග ගණනාවක් මේ පුස්තකාලයට ඇතුළත්. පුස්තකාලය, සනියේ දිනවල අඟහරුවාදා හා සිකුරාදා දින දෙකේ පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වාඑය විවෘතව තැබෙනවා.
2. බ්‍රැන්ඩික්ස් මීරිගම 2 ලේ දන්දීමේ පිංකම
මීරිගම බ්‍රැන්ඩික්ස් 2 ආයතනය මගින් සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 25 වනදා පැවැත්වුණා. එදින උදෑසන 9 සිට සවස 3 දක්වා එම ආයතන පරිශ්‍රයේ දී එම වැඩසටහන සාර්ථකව පැවැත්වුණු අතර එහි දී, 103 දෙනෙකු රුධිරය පරිත්‍යාග කරනු ලැබුවා. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙන පරිත්‍යාග කරනු ලැබුවා.