නංගියේ තවම අහසේ තරු ගනිනවද
පන් පැදුරේ සුව හොඳ හැටි දැනෙනවද
හීනෙන් ඇවිත් අම්මා ළඟ ඉන්නවද
අයියා නැතිව මේ රැය නුඹ ගෙවනවද
තල් කොළ අතරින් සඳ රැස් වැටෙන්නෙපා
මැටි බිත්තියෙ යළි සිතුවම් අදින්නෙපා
ප්‍රේමය අමිල වේ නොමිලේ කිසිත් එපා
හිනැහෙන හෙටක් ඇත කඳුලැලි නුඹට එපා
සුර කුමරි නුඹයි අම්මා දුන් නොකියාම
පණ කෙන්ද සමයි කියනෙමි මා ඉදුරාම
හුරතලය අගෙයි මට චූටීයි හැමදාම
දෙව් දුවට සමයි ඔබ නිවසට වැඩියාම
තිවංක එස් දිසානායක