ප්‍රේමය

සීමා මායිමක් කුමකටද
දැනෙන ආදරේ පවසන්නට
සිනිඳු සමනල් අත්තටුවක
ලියා සඟවමි නුඹට දෙන්නට

වෛවර්ණ පාට එක්කොට
අවර්ණ කඩදාසියක් හැඩකොට
ආදරේ පිරුණු සිතුවමක්
අඳිමි සීරුවට ඔබට දෙන්නට

සිහිල් දිය හෙබ සරසවන්නට
පිරුණු දිය බෙරලිය පොකුරු මත
ඔබට දෙන්නට පරෙස්සම් කොට
තබමි සඟවා ආදරේ සුවඳ ටික

මේ කුලක් මත කලතවා දිය
වැටෙන වැහි පබළුවක සුමටව
ඔබ යනෙන දිනකදී සවසක
ආදරේ වැහි හෙලමි තෙත බරිත වෙන්නට

W.D. දිනිති සුලක්ෂණා
බ්‍රැන්ඩික්ස් රඹුක්කන

Facebook
Facebook