පිය සෙනෙහස

මතකයි තාත්තේ නුඹ
සෙව්වා නිතරම මම
ගොස් වැඩට ආ විගස
ඇස් දුවයි මා වෙතට

වෙහෙස නොබලා මාව
වඩාගෙන තුරුලු කර
දුන්නු හැටි රස කෑම
සිහිවෙයි හැමදාම

වචනෙන් නොකීවත් මට
නුඹේ තේජස් පෙනුම
නිතරම කීවේ මට
හොඳින් හැදෙනා ලෙසට

නුඹ සිහිවෙන විට
උනයි කඳුලැලි නෙතට
නමුත් බැහැ හඬන්නට
නුඹට දුක සිතෙන නිසා මට

ජීවිතේ හැමදාම
ගරු කරමි ඔබේ නමට
ආදරෙයි හැමදාම
නුඹේ දියණිය නුඹට

S.A. ඉසුරි මධුෂිකා කුමාරි
බ්‍රැන්ඩික්ස් රඹුක්කන

Facebook
Facebook