ප්‍රේමය

මන්දාරම් බීරමක්
මලකඩ කා ගිය
ටකරන් වහලයට
ඉහළින්
ගැල්වනයිස් ප්‍රේමයක
පැටලී,
කේඩෑරි වූ
කර්කශ
ඉළ ඇට පෙළ ම
දිරා ගිය ලණු ඇඳ මත
භග්නාශාවෙන් පිරී
වසන්තය දියකර හැර..

අහුලා ගල් කැට
ගරා සහල් සොඳින්
තම්බා හීල
තනිකමින්
නිස්කාන්සුවේ
පොල් සම්බලයට
පදමට රසකර,
ණය බරට
පොත්වල පිටු
පැන්සල් කූරු
වැළපේ.
ජල, විදුලි බිල්
ගොඩ ගැසී
බදු බරින් නිදහස් වීමට
මීටරයට
ඇස් ගහයි….

D.R.T. අනුරුද්ධික
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල

Facebook
Facebook