දිරියෙන් ලොව දිනන්නට පිබිදුණු අපි

තමන්ටම අනන්‍ය වූ හැකියාවන් තිබෙන පුද්ගලයින් කිසිදා පරදින්නේ නැත. ඔවුන් කෙසේ හෝ ජීවිතය ජයගන්නටත් සිය පවුලේ ආදරණීයයන් වෙනුවෙන් කැපවෙන්නටත් දෙපාරක් සිතන්නේ නැහැ. ඉතින් බ්‍රැන්ඩික්ස්හි කරන රැකියාවට අමතරව තමන්ගේ විනෝදාංශයෙන් ව්‍යාපාරයක් කරගෙන පවුලට තවත් සවියක් වන සාමාජික සාමාජිකාවන් සිටිනවා. බ්‍රැන්ඩික්ස් මඟින්ම විතරක් නෙවෙයි,  රජයේ ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේත් සහය ඇතිව ස්වයං ව්‍යාපාර දියුණු කරන්නට අපි කටයුතු කරනු ලබනවා. එයින් විවිධ වැඩමුලු පවත්වමින් හැකියාවන් රැකියාවක් බවට පත්කර ගන්නට දැනුම කුසලතා වැඩිදියුණු කරගන්නට අතහිත දෙන්නේ මහත් ආඩම්බරයෙන්.

අලංකාර අත්කම් නිර්මාණ සෑදීමට ඇති නිර්මාණාත්මක හැකියාව ප්‍රයෝජනයට ගනිමින් එය ආදායම් මාර්ගයක් කරගනිමින්, ආයතනයේ සාමාජික සාමාජිකාවන්ටත් තම නිර්මාණ විකුණමින් සියලු දෙනාගේ සිත සතුටු කරන්නටත්, රසවත් අතුරුපස සකසා ආයතනයේ සියලු දෙනාගේ රස නහර පිනවමින් අමතර ආදායමක් ලබන්නටත්, පහන්තිර වැනි සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය දේවල් නිපදවා තම පවුලට සවියක් වන්නටත් බ්‍රැන්ඩික්ස් අපි විසින් අපගේ සාමාජික සාමාජිකාවන් දිරිගන්වා තිබෙනවා. විවිධ ස්වයං රැකියා වැඩමුලුවලට සාමාජික සාමාජිකාවන් යොමු කරන්නේ, ඔවුන්ගේ ආර්ථික තත්ත්වය තව තවත් යහපත් කිරීමටත් ඔවුන්ගේ සහජ හැකියා සහ කුසලතාවන් තව තවත් පුබුදන්නටත් හැකියාව ලැබෙන බව දන්නා නිසාමයි. අප ආයතනයේ රැකියාව වගේම තමන්ගේ විනෝදාංශයත්, හැකියාවත් ප්‍රයෝජනයට ගත් හැම කෙනෙක්ගේම නොමඳ ස්තූතිය නිරන්තරයෙන් බ්‍රැන්ඩික්ස් අප වෙත ලැබෙන්නේ අපේ මේ කැපකිරීම්වල ප්‍රතිඵල නිසයි.

Facebook
Facebook