අහිමි ප්‍රේමය

සෙනෙහෙ දැනෙනවා දුරින් උන්නත්කැක්කුමයි මට නුඹ ගැන
මං තරම් ඔය හිතට නැහුණද
කියන්නකො කවුරුත් වෙන
හිමි නැතත් නුඹ හිමි කරන්
හිතේ මහ ගැඹුරුම තැන
ඉර හඳත් දිවුරලා කියන්නම්
නුඹම විතරයි මගේ පණ…

මතක් වෙනකොට රත්තරන් නුඹ
ගැහෙනවා මගේ හදවත
සත්තකින් මම නුඹට ළෙන්ගතු
ඇයිද මන්දා නොදනිත
ඔය හුස්ම නුඹ දමා යනවිට
කවදහරි මතු දිනයක
මතක ඇතිවම මමත් එක්කන්
යන්න නොකරම අමතක…

ළඟ තුරුල් වී වින්දෙ නැතුවට
නුඹේ ප්‍රේමය පැල් බැඳන්
ඔය හිසේ මැදි ඇඟිලි තිය තිය
නොපිරිමැද්දට ළං කරන්
පේනතෙක් මානයක නැතිමුත්
නුඹව පපුවේ හිර කරන්
දන්නවද මම නුඹව සිඹිනවා
හැම රැයකදිම හදවතින්….

N.T රේණුකා
බ්‍රැන්ඩික්ස් කොග්ගල

Facebook
Facebook