අනාගතයේ සරුවට හැදුණ රූස්ස ගස් මේ මහපොළොව මත මුල් විහිදන්නට අවැසි නම්, ඒ පැළ කුඩා අවධියේ සිටම පෝෂණය ලබා දී රැකබලා ගත යුතු වෙනවා. මේ වගේම තමයි මහපොලොවේ යම් දිනෙක සිය දැනුම, සාරධර්ම නමැති දෑත් විදහා නැගී සිටින කුඩා දරුවනුත්. වැඩිහිටියන් වශයෙන් අපි ඔවුන්ට නිසි දැනුම, පෝෂණය, අත්වැල ලබාදී නිසි මඟ යන්නට දිරිය ලබා දිය යුතු වෙනවා. එවිට සාරවත් මිනිස් ශාකයක් මේ මහ පොළොව මතට දායාද වේවි. දැයේ දරුවන්ගේ අධ්‍යාපනික දියුණුවට නිරන්තරයෙන් යෝධ සෙවණැල්ලක් මෙන් සිටින බ්‍රැන්ඩික්ස් අපේ මනුසත්කාර තිළිණ වැඩසටහන් මාලාව ඔවුන්ට නිබඳවම අතහිත දෙන්නට සැදී පැහැදී සිටින බව ඔබ සියලු දෙනා දන්නා කරුණක්.
සුපුරුදු පරිදි මෙවරත් අලුත් පාසල් වාරයට දරුවන් සඳහා අලුත් පොත් තිළිණ කරන්නට බ්‍රැන්ඩික්ස් අපි කටයුතු කළා. මෙවර පාසල් බෑග් පොත්පත් ඇතුලු වටිනා තිළිණ කට්ටල 13, 112ක් ලබා දෙන්නට අපිට හැකියාව ලැබුණා. 2016 වසරේදී ආරම්භ වුණ මේ මනුසත්කාර තිළිණ වැඩසටහන මඟින් මේ වන විටත් පෙර පාසල් යන කුඩා දරුවාගේ සිට සරසවියට පිය මනින්නට වාසනා වරම් ලබන දරුවා දක්වාම දරුවන් දහස් ගණනකට අපගේ මේ වටිනා මෙහෙවර ඉටු කරන්නට සමත් වෙලා තිබෙනවා. පසුගිය කොරෝනා වසංගත සමයේ පවා, නොයෙකුත් බාධක කම්කටොලු මැද අවශ්‍ය නීතියට අනුව ගරු කරමින් ආරක්ෂා වෙමින් මේ දරුවන් සඳහා උපකාර කරන්නට අපට හැකි වූ බව මහත් සතුටින් සිහිපත් කරන්නෙමු. මේ වනතෙක් පුරා වසර අටක් පුරාවට පවත්වාගෙන ආ මේ ව්‍යාපෘතිය ඉදිරියටත් දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වෙමින් ඉදිරියටම පවත්වාගෙන යන්නට බ්‍රැන්ඩික්ස් අපි කටයුතු කරන බව සහතික කරන්නෙමු.
ඉතින් මෙතෙක් අපගේ මනුසත්කාර තිළිණ ලැබූ දරුවනි, අනාගතයේ දිනෙක දැනුමෙන්, සාරධර්මවලින් පොහොසත් මහා රූස්ස ගසක්ව මේ මහ පොළොවේ අතුපතර දිගහැර වැඩෙන්නට බ්‍රැන්ඩික්ස් අපෙන් ඔබට සුබ පැතුම්!