අහස සේ දරාගමු

හිස් තැනක් නොතියාම හිනා වුණ අතීතෙක..
ඉකි බිදුම් සමරන්න අවැසි නෑ
කිසිදාක…
මතක රිදවනු නමුත් හංගගෙන වරුසාව..
අහස සේ දරාගමු බෝ කරන් කරුණාව..

අවර ගිර බැස යද්දි පහන් තරුවක් කියා…
හිරුට වුව රැවටෙන්නෙ සමනලියො පොඩි නිසා..
පොදි බැදන් කැරකෙද්දි පලඟැටියො රෑ පුරා..
අද ඊයෙ වගේමයි මේ වසර ගත වෙලා..

සුසුම් පොදි කරගහන් ගෙව්ව මුත් වසරක්..
හීන මල් පිපෙන්නයි නව මඟක ඔපවත්..
වැටි වැටී නැගිටින්න අපි බොහොම සවිමත්..
වියමනේ අපි නුඹට හයිය වෙමු කවදත්..

සුරංජි

Facebook
Facebook