දහසක් සිතු පැතුමන් පොදි බැඳගන්නේ
හිරුටත් හොරෙන් නව දවසක් අරඹන්නේ
පෙර දුක් කම්කටොලු සැම බාධක බිඳගන්නේ
යහපත් පුංචි සිතුවිලි එක් රොක් වන්නේ
එකමුතුකමින් සැම අත්වැල් බැඳගන්නේ
කඩිසර කුහුඹු රෑනක් මෙන් දිස්වන්නේ
ප්රීති සිනා දෙනෙතට රසඳුන වන්නේ
සමගිය තුළින් තම අරමුණ වෙත යන්නේ
තුන්තිස් පැයේ මැසිවිලි නැත කිසිවිටක
තම කාරියේ අරමුණ ඇත අත ළඟම
තම ගත සිතම එක ලෙස යොදවා වැඩට
නිමැවුම් දියුණුවට අතදෙනවා සැවොම
ජාතිය ආගමට කුලමල භේද නැත
එක පවුලක් මෙන් සිත් තුළ සතුට ඇත
එක මව් කුසේ නොවූවත් සොහොයුරු පෙමින් බැඳ
යහපත් වැඩ පරිසරය ගොඩනැඟුවා නොවෙද
නිමැවුම් දිනෙන් දින ක්රමිකව සිදුවන්නේ
දවසක නිමැවුමක් මේ ලෙසටයි වැඩිවන්නේ
දියුණුවේ රන්දොරටු අබියස හිනැහෙන්නේ
පිබිදුණු අපි නොවෙද එහි උල්පත වන්නේ
පවිත්රා නානායක්කාර
බ්රැන්ඩික්ස් අවිස්සාවේල්ල