ජීවිතේ අපි හැම කෙනෙක්ම කවද කොහේ කොතැනකදී හරි පරාජය වෙලා තියෙනවා, ප්‍රතික්ෂේප වෙලා තියෙනවා, ඒවගේම අහිමිවීම්වලටත් මුහුණ දීලා තියෙනවා. ඒ සියළු අහිමිවීම්, පරාජයවීම් ඉදිරියේ ඇතුලාන්තයෙන්ම කඩාගෙන වැටුණු වාර ගණනුත් අනන්තවත් ඇති. ඇත්තටම මේ බිඳවැටීම්, ප්‍රතික්ෂේපවීම් දුෂ්කරම කාර්තුවල මනුස්සයෙකුගේ ජිවිතේ වෙන්න පුළුවන් සාමාන්‍ය ජිවිත අත්දැකීම්. ඒත්, දන්නවද වැටුණු තැනින් නැගිටින්න ඔයා ළඟ තියෙන හැකියාව අද්විතීයයි, අසීමාන්තිකයි. දහසකුත් ඍණාත්මක හැඟීම්, සිතුවිලිවලට අභියෝග කරමින් ඔයාට ඔයාව දකින්න ඕන හොඳම විදියට ඔයාව නිර්මාණය කරන්න ඔයාට පුළුවන්.
1.යථාර්තය පිළිගන්න
දුක, වේදනාව, බලාපොරොත්තු කඩවීම්, ප්‍රතික්ෂේප වීම්, වගේ දරාගන්න අමාරුම හැඟීම් මඟ හරිනවා වෙනුවට, පිළිගන්න ඒ හැඟීම් ඔයාගේ ජීවිතේටත් පොදු ජිවිත අත්දැකීම් බව. ඇත්තටම ඔයා මේ මොහොතේ ඒ හැඟීම අත්විඳින බව.
2. සිතුවිලි යනු හුදෙක් සිතුවිලි මිස කරුණු නොවන බව මතක තියාගන්න
ගොඩක් වෙලාවට පරාජයවීම්/අහිමිවීම් ඉදිරියේ අපේ සිතුවිලි ඒ ඍණාත්මක ස්වභාවයේම රැඳෙනවා. “මටමයි වෙන්නේ, මං හැමදාම ෆේල්, නැතිවෙන්න මිසක් ලැබෙන දේවල් මගේ ජිවිතේ නෑ” වගේ දේවල් නිතර මනසේ රැඳෙන්න ගන්නවා. නමුත් දන්නවද, ඒ සියල්ල ඍණාත්මක සිතුවිලි මිසක් යථාර්ථවත් කරුණු නෙවෙයි. චුට්ටක් නැවතිලා, හෙමිට හිතල බැලුවනම් ඔයාට තේරෙනවා එතන මොකක්ද ඇත්තටම සිද්ධවුනේ, මගෙන් එහෙම වුණේ කොහොමද, මට මොනවද කරන්න තිබුණේ කියලා. ඒ නිසා සිතුවිලිවලට හිරවෙන්නේ නැතිව, ඇත්තටම ඔයාට ඒ අවස්ථාව විශ්ලේෂණාත්මකව අධ්‍යනය කරන්න වෙනවා.
3. මේ මොහොතේ ජිවත් වෙන්න
අතීතයේ ඔයාගේ ජිවිතේ මොනවා වෙලා තිබුනත්, අනාගතයේ ඔයාගේ ජිවිතේ මොන දේ වෙන්න තිබුනත් වර්තමානය ඔයාට ඕන විදියට හැඩ කරන්න, වෙනස් කර ගන්න හැකියාව ඔයා ළඟ තියාගන්න. අධිෂ්ඨානශීලිව ඔයාගේ අරමුණ වෙනුවෙන් ඔයා අද කරන්න ඕන මොනවද කියල හඳුනගන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න.
4. ඔබ ඔබව හඳුනගන්න. ඔබම වෙන්න.
“ඔයා” හුදෙක් සිතුවිල්ලක් හෝ හැඟීමක් නෙවෙයි. ඒවගේම පරාජය හෝ ප්‍රතික්ෂේප වීම කියන්නෙත් ඔයා නෙවෙයි. ඔයා, සියලු අත්දැකීම් තුල ඔයාගේ අරමුණු වෙනුවෙන් ඉඩක් දකින, ඒ වෙනුවෙන් අලුත් අවස්ථාවන් දකින පුලුවන් නිර්මාණශීලි පුද්ගලයෙක්.
5. වටිනාකම් හඳුනා ගන්න
ඔයාගේ ජිවිතේ ඔයාට වැඩිපුරම වටිනා දේවල් හඳුනාගන්න. ඒ පවුල, රැකියාව, දියුණුව හෝ වෙන කුමක් වුවත් ඒ සියල්ල ඔයාව වැටෙන තැනකදී, බිඳෙන තැනකදී නැගිට්ටවන්න පුළුවන් තරම් ශක්තිමත් බව මතක තියාගන්න.
6. නොනවත්වාම කැපවෙන්න
ඔබේ අරමුණ වෙනුවෙන් ඔබ කල යුතු හැම පුංචි ක්‍රියාවක් වෙනුවෙන් කැප වෙන්න. අහිමිවීමක් හෝ පරාජයක් ගැන නොසිතෙන තරමට හැම පුංචි කරුණකටම ලොකු වටිනාකමක් දෙන්න.
ඉතින්, නැවුම් අරම්භයක පොරොන්දුවක් සමඟ ජනවාරියට අඩිය තියන ඔයාට ආදරෙන් කියනවා, ” මතක තියාගන්න, සාර්ථකත්වය රැඳී තියෙන්නේ පරිපුර්ණ අතීතයක නොව ජිවිතේ අසම්පුර්ණ තැන් , වැරදුනු තැන් වගේම දුර්වල තැන් තිබුණු බව ආදරෙන් පිළිගැනීමත්, ඒ වැරදුනු තැන් නිවැරදි කරගන්න විදි හඳුනාගෙන ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව සිදුකරන ඒකායන කැපවීමක් මත පමණක්ම බව.
මනෝ උපදේශිකා ඉෂාරා මධුෂානිබ්රැන්ඩික්ස් කොග්ගල