සංකීර්ණ ආදරය

ආදරය කියන්නේ මහ සංකීර්ණ මාතෘකාවක්. ඒ තරමට ඒ මාතෘකාව සංකීර්ණ වෙන්නේ එක එක්කෙනාට ආදරය දැනෙන විදිහ වෙනස් නිසා. ඒ වගේම ආදරය ලැබෙන විදිහත් වෙනස්.. ඉතින් මේ මාතෘකාව ඒ නිසාම එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. පිරිසක් ආදරය කියන්නේ සුන්දර වරදක් කියලා කියනවා.. තවත් පිරිසක් ආදරය කියන්නේම විරහවක්, වේදනාවක් කියලා කියනවා..තවත් පිරිසක් ආදරය කියන්නේ ජීවිතේ ලැබෙන උත්තරීතරම දෙයක් කියලා කියනවා.. ඉතින් ඒ නිසාම ආදරය කියන්නේම එකිනෙකාට දැනෙන විදිහ අනුව නිර්වචනය වෙනස් වෙන මාතෘකාවක්…

කොයිතරම් නිර්වචන තිබ්බත් ආදරයට අපි හැමෝම ගොඩාක් ආදරය කරනවා. ඕනෑම දරුණු පුද්ගලයෙක් දමනය කරන්න පුළුවන් හොඳම ආයුධය තමයි ආදරය. මේක අපි කාටත් පොදු ධර්මතාවයක්..

අද සමාජයේ බහුලව කතා බහට ලක් වෙන සම්මත සහ අසම්මත කියන ආදරේ ගැන ඔයාට මොකද හිතෙන්නේ..? සම්මත ආදරය කතා වලට වඩා අසම්මත ආදර කතා බොහෝ බිහිසුණු අත්දැකීම් ලබා දෙන බවට තමා සමාජ මතය..කොහොම උනත්, මොන ආදරය උනත් අපේ හිත් තුළ ඒ ආදරේ ගොඩ නැඟෙන විදිහ අනුව ඒ ආදරේ ආදරේ විදිහටම තියා ගන්න පුලුවන් කියන එකයි මගේ මතය..ආදරය කරපු කෙනෙකුට ඒ ආදරය නමින් අනෙකාට රිද්දන්න පුළුවන් නම් ඒ ආදරය සම්මතයක් උනත් අසම්මතයක් උනත් නියම ආදරයක් වෙන්නේ නෑ.. අසම්මත ආදරය නිසාම සමාජීය ගැටලු සිද්ධ වෙනවා කියලා රාමු කරන්න අපිට හැකියාවකුත් නෑ.. සමාජය තුළ සම්මත අසම්මත රාමු දෙකකට ආදරේ බෙදුවත් ඇත්තටම ආදරේ කරන මිනිසුන්ට සම්මත අසම්මත රාමු අවශ්‍ය වෙන්නේ නැති බවයි මගේ මතය.. මේ රාමු දෙකේම සැබෑ ආදරය සදාකල් පවතිනවා. අන්‍යෝන්‍ය විශ්වාසය, බැඳීම සහ අවබෝධය ගලපාගන්න දන්න මිනිසුන් තමන්ගේ ජීවිතේ තියෙන තුරු තමන්ගේ ආදරය රැකගන්නවා.. ඒක සම්මතේ වුනත් අසම්මතේ උනත් එකම විදිහට..කිසිම කෙනෙකුට තමන් නිසා කරදරයක් නොවෙන විදිහට..

මේ ලැබුනු කෙටි ජීවිත කාලේ ගෙවන හැම තත්පරයක්ම ආදරෙන් ගෙවමු.. මේ කෙටි ජීවිත කාලේ පසුතැවිලි වේවි කාලය ගත කරන්න අපිට වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ.. ආදරයට ආදරය කරමු. එතකොට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අපට පුලුවන් වේවි…

බුද්ධිකා කාරියවසම්
බ්‍රැන්ඩික්ස් මීරිගම

Facebook
Facebook